මේ අතර පෙර යාපනයේදී මාධ්‍යය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ වන ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෛක්කලනාදන් මහතා සඳහන් කළේ අම්පාර දිස්ත්‍රික්කයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම පිළිබඳව තමගේ විරුද්ධත්වයක් නොමැති වුවත් එම තීරණය ගත යුත්තේ සන්ධානයේ සියලුම සාමාජික පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ලැබෙන එකඟතාව මත බවයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා තනිව මෙම තීරණය ගැනීම පිළිබඳව සිය විරෝධය පළ කර සිටින බවද හෙතෙම සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ අනෙක් සාමාජික පක්ෂය වන ප්ලොට් පක්ෂයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා පැවසුවේ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තනිව තීරණය කිරීම පිළිගත නොහැකි බවත් එම මන්ත්‍රී ධුරය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතාට හිමිවිය යුතු බවත්ය.
දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරසු කච්චි, ටෙලෝ හා ප්ලොට් යන දේශපාලන පක්ෂ තුනකින් සමන්විත වන අතර එම සන්ධානය මෙවර මහ මැතිවරණයට තරඟ කළේ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිවස ලංඡනයෙනි.
- ලක්ෂ්මි ජයකොඩි