වසංගතය අතරතුර මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට නොහැකි විදේශීය ජාතිකයින්ට මෙහි තවදුරටත් රඳවා ගත නොහැකි බවත් පිටව යා යුතු බවත් ඔහු කියන්නේ මේ පසුබිමේ සිටයි.
"ශිෂ්‍ය වීසා බලපත්‍ර සහ විවිධ වීසා බලපත්‍ර විධිවිධාන යටතේ ඕස්ට්‍රේලියාවේ සිටින අය අනිවාර්යයෙන්ම එරට රඳවා නොගන්නා බව" ඔහු සිකුරාදා (3) දන්වා සිටියේය.ඔවුන්ට සහාය දැක්විය හැකි අය (ස්පොන්සර්ස්) සිටී නම් ගැටලුවක් නැති බවත් එවැනි තත්වයක් නොමැති නම් ඔවුන්ට නැවත තම මව් රටට යාමේ විකල්පයට යායුතු බවත් දන්වා සිටියේය.
"හොඳ කාලවලදී ඕස්ට්‍රේලියාවට අමුත්තන් පැමිණීම කොතරම් සුන්දරද, එහෙත් දැන් ගතවන්නේ නරක කාලයක් සමහර විට ඔබ මේ රටේ අමුත්තෙක් නම්, මේ වන විට යාමට කාලය පැමිණ ඇත' ඔහු කියයි.
වැඩ කරන නිවාඩු වීසා මත ඕස්ට්‍රේලියාවට ගොස් සිටින සමහර සංචාරකයින්ට පලතුරු අහුලා ගැනීමේ හා වෙනත් කෘෂිකාර්මික කටයුතු වල නිරත විය හැකි බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. එහෙත්, කලාපීය ප්‍රදේශවලට යාමට පෙර ඔවුන් පළමුව ස්වයං හුදකලා විය යුතු බව ඔහු පැවසීය.වර්තමාන වීසා රෙගුලාසි නැවත අවධාරණය කරමින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන්ට මාස 12 ක් සඳහා ආධාර කිරීමට ප්‍රමාණවත් මුදල් ඇති බව ඔප්පු කළ යුතුයැයි කී ඔහු වීසා ලබා දී ඇති සිසුන්ට මෙම රීතිය ගැන දැන ගැනීමට හැකි වනු ඇති බවත්, ඔවුන් තමන් ගැනම බලා සිටිනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ නොවන බවත් ඔහු කීය.මොරිසන්ගේ ප්‍රකාශයට අනුගත වෙමින් මේ වනවිටත් විදේශිකයින් හා සිසුන් එරටින් පිටත්වීම අරඹා ඇති බව විදෙස් වාර්තා දක්වා ඇත.