-->

Billboard Ads

මේ වනවිට රට තුළ පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 05ක් හුදකලා කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම්වලට නැවත දැනුම්දෙන තුරු මෙලෙස හුදකලා ගම්මාන ලෙස නම් කර ඇත.