-->

Billboard Ads

මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලට යටව මියගිය පවුලේ සුරතල් සුනඛයා තම හාම්පුතාගේ මරණය හේතුවෙන් කම්පාවට පත්ව දින ගණනක්  තිස්සේ ආහාරයක් පවා නොගෙන මග බලමින් සිටින බව වාර්තා වේ. මෙම ගොඩනැගිල්ල කඩාවැටුණු දෙමහල් හෝටලයේ හිමිකරු වූ මියගිය චමිල ප්‍රසාද් මහතා විසින් ඇති කරන ලද බෲනෝ නම් මෙම සුනඛයා  කිසිදු ආහාරයක් නොගෙන  නිවසේ කොටසක වැතිර සිටින අන්දම මෙන්ම තම හාම්පුතා පිළිබඳ විමසිලිමත් වෙමින් මගබලන අන්දම දැකගන්නට එහි ගිය අපට හැකිවිය. මෙම සුරතලා ගොඩනැගිල්ල කඩාවැටුණු අවස්ථාවේ දිවි බේරාගෙන ඇත්තේ හාස්කමකින් මෙන් බවත්, එම සිදුවීමෙන් එම සත්වයාට ද සුළු තුවාල  සිදුව ඇති බවත් එම පවුලේ ඥාතීහු පවසති.  මියගිය චමිල ප්‍රසාද් මහතා එම සත්ත්වයට නිතර ආහාරපාන දීම, නෑවීම ආදිය සිදු කළ බවත්, ඔහු  නොමැතිවීමෙන් සුනඛයා දැඩි සාංකාවකින් පසුවන බවත් ඔවුහු පවසති.

-ජේ.ඒ.එල්. ජයසිංහ-