-->

Billboard Ads

නව කොරෝනා රෝග ලක්ෂණ නොමැති පිරිස් හරහා සිදුවන වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් විද්‍යාඥයන් කණ්ඩායම් දෙකක් සිදුකළ අධ්‍යයනයන් එකිනෙකට වෙනස් ප්‍රතිඵල ගෙනදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඉන් එක් කණ්ඩායමක් මෙම රෝග ලක්ෂණ නොමැති පිරිස් වෛරස ආසාදනය සහිත පුද්ගලයන් හාසමානව වෛරසය පතුරවන්නන් බව පවසයි. එම අනෙක් විද්‍යාඥ කණ්ඩායම එය එසේ නොවන බවත්, පස් දෙනෙකුගෙන් එක් අයෙකු තුළ පමණක් රෝග ලක්ෂණ නොමැති අවස්ථාවක් හදුනාගෙන ඇති බවත් පවසයි. දකුණු කොරියානු සහ ස්විට්සර්ලන්ත විදඥයන් කණ්ඩායම් දෙකක් මෙම පිරිස් සම්බන්ධයෙන් සිදුකරන ලද අලුත්ම අධ්‍යයන දෙකක් ප්‍රසිද්ධියට පත් කරමින් මේ කරුණු අනාවරණය කර තිබේ. මේ අතරින් එක් අධ්‍යයනයක් සිදුකර ඇත්තේ දකුණු කොරියාවේ ව්‍යාප්ත වුණු අCOVID-19 වසංගතයේ රෝග ලක්ෂණ නොපෙන්වූ රෝගීන් අතරය. එම ප්‍රමාණය එරටින් වාර්තා වූ රෝග ලක්ෂණ සහිත පිරිස හා සමාන බව පැවසෙයි. එහිදී රෝග ලක්ෂණ පෙන්වූවන් අතර දක්නට ලැබී ඇත්තේ උණ, අලුතින් හටගත් කැස්ස හෝ රස හෝ සුවඳ දැනීමේ වෙනස්කම්ය. කෙසේ වෙතත් රෝග ලක්ෂණ නොමැති පිරිස් තමන්ගෙන් සිරුරු තුළ කොපමණ වූ ප්‍රමාණයක ආසාදිත අංශු තබා ගෙන සිටිනවාද යන්න මෙහිදී ඇති ගැටලුවයි. එසේම ඔවුන් කැස්සකදී හෝ කතා බස් කිරීමකදී මෙම ආසාදිත වෛරස බිඳිති ආකාරයෙන් පිටකරමින් තවත් පුද්ගලයෙකු ආසාදනයට පත් කරවයි. ඒ අනුව මෙම රෝග ලක්ෂණ නොමැති පිරිස් 'වෛරසයේ නිහඩ පතුරුවන්නන්' ලෙස සැලකිය හැකි යැයිද ඔවුන් පෙන්වා දෙයි. මුලදී මෙම පිරිස සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු නොවුණද ඒ නිසාම ඔවුන් හරහා මෙම වෛරසය පැතිරීමක් සිදු නොවන බවට වන අදහසක්ද පැවතුණි. එහෙත් සිදුකළ ඇතැම් පරීක්ෂණවලට අනුව මෙම රෝග ලක්ෂණ නොපෙන්වන පිරිස් වෛරසයේ ව්‍යාප්තියෙන් වැඩි කොටසක් වෙත දායකත්වය ලබාදෙන බව හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට වන නොදැනුවත්කම නිසා ඔවුන් ස්වයං හුදෙකලාවීමට ලක්නොවී තවදුරටත් ප්‍රජාව අතර ගැවසීම ඊට හේතුවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් වන දෙවැනි අධ්‍යයනය සිදුකර ඇතතේ ස්විට්සර්ලන්ත පර්යේෂකයන් පිරිසක් විසිනි. එහිදී ඔවුන් නව කොරෝනා සිදුවීම් 79ක් පිළිබඳව විමර්ශනය කර ඇති අතර, වෛරස ආසාදිතයන්ගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු තුළ කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොමැති බවට හඳුනාගෙන ඇත. එහිදී එය ඊට පෙර පුරෝකතනය කර තිබූ සංඛ්‍යාව හා සාපේක්ෂව අඩු මට්ටමක් බවත් ඔවුන් පවසා සිටියි. එසේම මෙවැනි රෝගීන් හරහා වෛරසය ව්‍යාප්තවීමේ හැකියාව අඩු මට්ටමක් වන බවත් ස්විට්සර්ලන්ත විද්‍යාඥයන් පෙන්වා දෙයි.