ලද පැමිණිලි මත අනුරාධපුර පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (06දා) අනුරාධපුර නව නගර බස් නැවතුමේ විවිධ ස්ථාන, බස් රථ ඇතුළත, කුම්බිච්චන්කුලම වැව අසල, අනුරාධපුර ආපනශාලා පිටුපස, තාවකාලික ලැගුම් හල් වැනි ස්ථාන ආවරණය වන පරිදි හදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබු අතර එහිදී බස් නැවතුමේ වෙළඳසැල් පිටුපස ගමන්වාරය එනතුරු නවතා තිබූ බස් රථවල දුම්වැටි පානය කරමින් නිකරුණේ රැඳී සිටි හා පෙම් සුව විඳිමින් සිටි සිසුවියන් 26ක් හා සිසුන් 81දෙනෙකු මෙලෙස පොලිස් භාරයට
ගෙන තිබිණි. මෙහිදී පෙම් සුව විඳිමින් සිටි පාසල් වයසේ යුවළ 15ක් පමණ පොලිස් භාරයට පත්ව තිබූ අතර පොලිස් භාරයට ගත් සියලු දෙනා අනුරාධපුර මූලස්ථාන පොලීසියට රැගෙන ඒමෙන් පසු පොලිස් නිලධාරින් විසින් ඔවුන්ට අවවාද කිරීම සිදු කර ලදී. අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එම් සංජීව මහානාම මහතා ප්‍රමුඛ එහි විවිධ අංශවලට අයත් නිලධාරීහු 40කට අධික පිරිසක් මෙම වැටලීමට එක්ව සිටියහ.
- බී ජී චතුරංග -