-->

Billboard Ads

2020 ලෝක පාසල් විවාද ශුරතාවලියේ අනුශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික විවාද කණ්ඩායම සමත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉංග්‍රීසි භාෂාවෙන් හොඳම කණ්ඩායම ලෙස තේරී පත් වුණේ දෙවන භාෂා කාණ්ඩයෙන් බව සඳහන්.

හය දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම, කොළඹ රාජකීය විද්‍යාලයේ ජනුල් ද සිල්වා සහ සලීම් සුමන්තිරන්, කොළඹ ජාත්‍යන්තර පාසලේ රාහුල් ද සිල්වා සහ ජැස්මින් මාකන්දු, කොළඹ ආනන්ද විද්‍යාලයේ චනිදු රත්නායක සහ කොළඹ කාන්තා විද්‍යාලයේ රීහා විමලසේකර යන අයගෙන් සමන්විත විය.

රටවල් 68ක් සහභාගී වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ සලීම් සුමන්තිරන් එම කාණ්ඩයේම 7 වන හොදම විවාදකයා වශයෙන් තේරී පත් වී තිඛෙනවා.

මෙක්සිකෝවේදී මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත වුවද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තරගාවලිය ඔන්ලයින් ඔස්සේ පැවැත්වීමට කටයුතු කෙරුණා.