එක්දරු පියෙකු වන සැකකරු මීට පෙරද මෙවැනි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවට ලක්ව බුල්නෑව ප්‍රෙද්ශයෙන්ද ඔහුව පන්නා දමා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසූහ.
සැකකරුගේ බිරිඳ ද ගුරුවරියක ලෙස සේවය කරන අතර ඇය මේ වන විට ගැබිනියක බවත් , කාලයක සිට මෙම දැරිය රවටමින් ඇය නිවසේ තනිව සිටින අවස්ථාවල මෙම සැකකරු ඇයගේ නිවසට ගොස් ඇයව අපයෝජනය කර ඇති බවත් බවත් මේ පිළිබඳ මවුපියන්ට නොපවසන ලෙස සැකකරු විසින් දැරියට මරණීය තර්ජන එල්ල කර ඇති බවද විරෝධතාවේ නිරත පිරිස පවසා සිටියහ.
දැරිය විසින් තම විදෙස්ගත මවට මේ පිළිබඳ පවසා ඇති අතර, මව විසින් ඥාතීන්ට මේ පිළිබද දන්වා ඥාතීන් විසින් මේ පිළිබඳව එප්පාවල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තඹුත්තේගම අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය ඔහු ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇති බවද පැවසූහ.
මහේස්ත්‍රාත්වරියගේ මෙම නියෝගයට විරෝධය පළ කරමින් පිරිස එප්පාවල - කැකිරාව, ඇඳගල - ගල්නෑව මාර්ග අවහිර වන ලෙස ඇඳගල මසන්ධියේ සිට ටයර් පුලුස්සමින් විරෝධතාවේ නිරත වූහ. මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවීම නිසා දැඩි රථවාහන තදබදයක් ඇතිවිය.අනතුරුව එම ස්ථානයට එප්පාවල පොලිස් නිලධාරින් පැමිණීමත් සමඟ උසුම් තත්ත්වයක් ඇති වූ අතර විරෝධතාකරුවන් පොලිස් නිලධාරින්ට හූ කියමින් විරෝධය පළ කළහ.
පොලිස් නිලධාරින් විසින් විරෝධතාකරුවන් මාර්ගයත් ඉවත් කිරීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වීමෙන් පසු එම ස්ථානයට පැමිණි අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරික්ෂණයක් ආරම්භ කරන බවට වූ පොරොන්දුවීමත් සමඟ විරෝධතාව නවතා දැමීමට පියවර ගත්හ.
එහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවන් පවසා සිටියේ දැරියට සාධාරණයක් ඉටු නොවුණහොත් නැවත විරෝධතාවන්හි නිතර වන බවයි.
-තිසර සමල් -