යතුරු පැදියකින් පැමිණ ඇති නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාර අට තත්පර තුනක් ඇතුළත එල්ලකර ඉන් වෙඩි ප්‍රහාර පහක්ම එස් එෆ් ලොක්කාගේ පපුව ප්‍රදේශයට එල්ලකර ඇත්තේ එස් එෆ් ලොක්කා ගමන් කරමින් සිට ඇති සුඛෝපභෝගී මෝටර් රථය අනුරාධපුර දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගය අසලදී වේගය අඩුකළ අවස්ථාවේදී බවටද පොලිස් විමර්ෂන කණ්ඩායම් හෙළි කරගෙන තිබේ.
මේ අතර එස් එෆ් ලොක්කා ගමන් කරමින් සිට ඇති මෝටර් රථයේ ගෑස් ටැංකියද නිවැරදිව හඳුනාගෙන එයට ඉලක්ක කර ඊටද වෙඩි ප්‍රහාරයක් එල්ල කර මෝටර් රථය ගිනි ගැනීමට සලස්වා ඇති වෙඩික්කරු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එස් එෆ් ලොක්කා සමඟ එම මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති ඔහුගේ පෙම්වතිය බව කියන කාන්තාවට කිසිඳු හානියක් සිදු නොවන ආකාරයෙන් සියලු වෙඩි ප්‍රහාර එල්ල කිරීමට තරම් ඉලක්කයට වෙඩි තැබීමට විශේෂ දක්ෂතාවක් දක්වා ඇති අයකු බවටද විමර්ශන කණ්ඩායම් තහවුරු කරගෙන තිබේ.