ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩ බාරගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මැති ඇමැතිකම් නොලැබී යාම සම්බන්ධයෙන් ද ඒ මහතා මෙසේ ද කීවේය.
"ජාතික ලයිස්තුවට අපි නම් හතරක් ලබාදුන්නා. අනුපිළිවෙළට ලබාදෙයි කියලා අපි අපේක්ෂා කළා. දෙකයි නම් දාන්න පුළුවන් දෙන්නා කවුද, එක්කෙනයි නම් දෙන්න පුළුවන් එක්කෙනා කවුද කියලා අපෙන් අහන්න තිබුණා. එහෙම අහන්නේ නැතුව මේ විදියට කටයුතු කිරීම නිසා මේක අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්වුණා. ජාතික ලයිස්තුව සඳහා පත්කළ යුතු අය කවුද කියලා විමසීම කරන්නේ නැතුව පත්කිරීම ගැන අපිට යම් කනගාටුවක් තිබෙනවා.
ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න අපි සුදානම් නැහැ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට චන්ද්‍රිකා මැතිනිය සැලකුවා වගේ සැලකිල්ලක් තමයි අද මට සලකලා තියෙන්නේ. ඒකට මම කලබල වෙන්නේ නැහැ. ඒ අභියෝගය බාරගන්නවා. වක්කඩක් තිබුණත් වක්කඩෙත් මම පීනලා ගොඩ එනවා කියලා මහින්ද රාජපක්ෂ මහතා බොහොම පැහැදිලිව කිව්වා. අපිටත් තියෙන්නේ පීනලා ගොඩ එන්නයි.අපේ කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු රැසකට තනතුරු අහිමි වුණා. අංගජන් රාමනාදන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයකු විදියට ජයග්‍රහණය කළා. මේක විශාල ජයග්‍රහණයක්. එතුමන්ටත් ඒ සැලකීම කළා නම් මීට වඩා මේ ආණ්ඩුවට ශක්තියක් වෙන්න ඉඩ තියෙනවා. ජනාධිපතිතුමන් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා" යැයි ද ඔහු පැවැසීය.
- නිමල කොඩිතුවක්කු -