දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිගාව අසළ මාර්ගය වසා දැමීමට පියවර ගනු ලැබුවේ එමමාර්ගයෙන් මස්කඩ හිමිකරුවන් හරක් ලොරි සහ මස් පිණිස සතුන් ප්‍රවාහනය කිරීම නවතා දැමීමට බවත්,එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග ඉඳිකර එමගින් නගරයේ තදබලය අඩු කිරීමට පියවර ගත් බවත්අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දළදා වහන්සේ වැඩම කරන මෙම මාර්ගයේ මස් පිණිස සතුන් ප්‍රවාහනය කිරීම අනුමත කළ නොහැකිකටයුත්තක් වන අතරම එය කාගේත් අවධානය යොමු නොවූ කරුණකි.
බෝගම්බර හිර ගෙදර හෝටලයක් ඉඳිකරන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කළඅග්‍රාමාත්‍යවරයා ඉදිරියේ පිහිටුවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක ප්‍රමුඛ අරමුණ වන්නේ
දළදා වහන්සේ වැඩ සිටින මහනුවර නගරය සංස්කෘතිමය නගරයක් බවට පත් කරමින් ලෝකයේ සංස්කෘතික නගර අතර වටිනාකම වැඩිම නගර අතරට ගෙන ඒම බද අවධාරණය කළේය.බෝගම්බර සිට උමං මාර්ගයක් ඉදිකොට මහනුවර නගරයේ මාර්ග තදබදය අවම කර ජනතාවට සහනසැලසීමට ද සැළසුම් කොට තිබේ.
මේ සියලු කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බහුතර බලයකින් ජයග්‍රහණයකරවිමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.