මොවුන්ට මුදල් නොමැතිකම නිසා දැරියගේ කරාබු ජෝඩුව රත්නපුර ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස්කොට රුපියල් 11000ක මුදලක් ලබාගෙන මොරටුව ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි දින දෙකක් ගත කර ඇති අතර කාමර කුලි වශයෙන් රුපියල් 6000ක මුදලක් ලබාදීමෙන් පසු මොවුන් දෙදෙනා බස්රථයක නැගී ගාල්ල මහමෝදරට පැමිණ ඇති බවට පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.බාලවයස්කාර දැරියක නිසා විවාහවීමට නොහැකි බව තරුණයා පැවසීමෙන් පසුව දැරිය ගෙදර යාමට නොහැකි බව කියා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.දැරිය ඝාතනය කරන්නට තරුණයා කටයුතු කර ඇතැයි සැක කරන්නේ ඉන් පසුවයි.
ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම්ගිණිගේ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා ඇතුළු නිලධාරීන් දුරකතන විශ්ලේෂණ වාර්තා උපයෝගී කරගෙන සැකකාර තරුණයාගේ දුරකතන අංක සොයාගෙන ඒ ඔස්සේ කෙරුණ විමර්ශනයට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලබාගන්නා ඩැවි විස්තර අනුව ඝාතනයේ සුළමුල අනාවරණය කරගන්නට අපේක්ෂා කෙරේ.
- ජේ.කේ.එල්.චාමින්ද -