එම ගිණුමෙන් 2020 ජුනි මස 12 වැනිදා මිනුවන්ගොඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකුවකට චෙක්පතක් මගින් රුපියල් දසලක්ෂ හැට දහසක් බැරවී ඇති බවත්, එම මුදල බැරවී ඇත්තේ සැකකාර චමින්දට අයත් ගිණුමකට නොව වෙනත් නමක් ඇති අයෙකුගේ ගිණුමකට වන අතර, එම බැංකු ගිණුම් දෙක අහිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව එම ඒකකයේ ඉල්ලීම මත බස්නාහිර පළාත් බද මහාධිකරණය මගින් එම ගිණුම් දෙක අත්හිටුවා ඇති බවත් අධිකරණයේදී සඳහන් විය. තවද ගිහාන් ෆොන්සේකා නමැති අය ඩුබායිහි සිටින බවට සැකකාර චමින්ද ප්‍රකාශයක් ලබාදී ඇතත්, ගිහාන් ෆොන්සේකා විදේශ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන විදේශ ගතවී නොමැති බව අනාවරණය වී තිබේ.
සැකකාර ටයිල් චමින්ද නැමැත්තා දාගෝල්ල ප්‍රදේශයේ වෙන්දේසි කරන ඉඩමකින් කැබලි 03ක් වෙන් කරගෙන ඒ සඳහා රුපියල් හත්ලක්ෂ පනස් දහසක් ගෙවීම් කර ඇති බවත් අනාවරණය වී තිබේ. සැකකාර ටයිල් චමින්දගේ දිවුලපිටියේ පිහිටි බැංකු ගිණුමට දංකොටුව ප්‍රදේශයේ පදිංචි අයෙකුගේ ගිණුමකින් අවස්ථා 10කදී රුපියල් හතළිස් හත් ලක්ෂ තිස්දහසක මුදලක් ලැබීම සම්බන්ධව විමර්ෂන සිදු කළ බවත්, හෙරොයින් ජාවාරම්කරුවෙකු තැරැව්කාර ගිණුම් හිමියා මගින් සැකකාර චමින්දගේ ගිණුමට මුදල් බැර කරවන අතර, ඒ සඳහා හෙරොයින් ජාවාරම්කරු ගිණුම් හිමියාට මාසයකට රුපියල් 15000ක් බැගින් ගෙවා ඇති බවත් අනාවරණය වී තිබේ.2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 03 (01) (අ) සහ (ආ) යන වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් බැවින් වැඩිදුර විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තතා කළ අතර, ඉදිරි විමර්ශන සිදුකර ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (මූල්‍ය) නිලධාරීන්ට ඊයේ (22දා) නියම කළේය.
-ටෝනි කරුණායක-