-->

Billboard Ads

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් ද ඇතුලුව 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අගුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා. පසුගියදා මොරටුව – ලූනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසක් අද පස්වරුවේ පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා. එය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ප්‍රදේශවාසීන් විසින් එල්ල කළ ගල්මුල් ප්‍රහාර හේතුවෙන් පොලීස් ස්ථානයට හානි සිදුව තිබෙනවා.

එමෙන්ම, සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ද විරෝධතාවක නිරත වුණා.