අද සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේනම් ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතකි පක්ෂයේ මහ ලේකම් හිටපු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාටද අධිකරණය නියම කළා. පැමිණිලිකාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ තමන් ඇතුළු පිරිසක් සමගි ජනබලවේගය නමැති සන්ධානයකින් නාමයෝජනා භාරදීමෙන් පසු සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් තීරණය කළ බවයි. අදාළ සන්ධානය ස්ථාපනය කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව බැවින් ඒ තුළින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැති බව මද්දුම බණ්ඩාර මහතාගේ පැමිණිල්ලේ සදහන්. ඒ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කොට තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් ක්‍රියාත්මක කරන ලෙසටයි ඔහු ඉල්ලා තිබුණි.
මෙහි වගඋත්තරකාර අකිල විරාජ් කාරියවසම් මහතා සිය විරෝධතා මගින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජනබලවේගය නමැති පක්ෂයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිවිටෙකත් අනුමැතිය ලබා දී නැති බවයි. පැමිණිලිකාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිස සමගි ජනබලවේගය නමැති පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන එම පක්ෂයෙන් නාමයෝජනා භාර දී ඇති බැවින් ඔවුන්ට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තවදුරටත් දැරීමට කිසිදු සුදුසුකමක් නැති බව අකිල විරාජ් කාරියවසම් මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණා. ඔහු තවදුරටත් පවසා තිබුණේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් එය වැළැක්වීම සදහා වාරණ නියෝගයක් නිකුත් කළහොත් දැඩි අගතියක් සිදුවිය හැකි බවත්ය.