-->

Billboard Ads

අද උදෑසන පොලිසිය විසින් සොයාගන්නා ලද කොළඹ නිදහස් චතුරශ්‍රයේ ගසක් අසල වෙඩි වැදී මිය ගොස් සිටි පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පොලිස් උද්‍යාන පාර, මිලාගිරිය බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි රජීව් ප්‍රකාශ් ජයවීර නමැති ශ්‍රීලන්කන් එයාර්හි හිටපු ගුවන් සේවා නිලධාරියෙකි. ඔහුගේ මරණයබැලුබැල්මට සියදිවිනසාගැනීමක් ලෙස හඳුනාගන්නට ලැබේ. නමුත් පරීක්ෂණ නිමවනතුරු එය ස්ථිරව පැවසිය නොහැකි බව පොලිසිය දන්වා ඇත. මළ සිරුර අසල තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් තිබුණි. තමා අසනීපයකින් පෙළෙන බැවින් තමන් සියදිවි හානිකර ගන්නා බවට පවසමින් ලියු ලිපියක්ද ඔහු සිටි තැන අසළ තිබී ඇත.

ඔහුගේ බිරිය විදෙස්ගතව ජීවත්වෙමින් සිටි අතර ඔහු පදිංචිව සිට ඇත්තේ බම්බලපිටියේ නිවසේය. ඔහු සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී නිවසේ ගෘහ සේවිකාවක පවසා ඇත්තේ සිය ස්වාමියා නිවසට ඊයේ පැමිණි බවත් අද උදෑසන වාහනයේ යතුර තමාට තියාගන්නැයි දන්වා එය ලබාදී නිවසින් නික්ම ගිය නමුත් සිදුවීම ගැන නොදැන සිටි බවයි.සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.