පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්ව සමග එක්ව ක්‍රියාවට නංවමින් සිටින ජාතික වැඩපිළිවෙළ ගැන නිසියාකාරව විමසා නොබලා, ඇතැම් පිරිස් විසින් සමාජය නොමග යවනසුලු අසත්‍ය ප්‍රචාර ගෙන යාම හෙළා දකින බවත්, එකිනෙකා නියෝජනය කරන්නා වූ දේශපාලන පක්ෂය, වෘත්තීය සමිතිය කවරක් වුවත් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී දරුවන් සම්බන්ධව මවක, පියෙකු මෙන් ඉතා සංවේදීව, විමසිලිමදත්ව හා නිවැරදිව කටයුතු කරන ලෙසද අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේය.
එසේම 'කෝවිඩ් - 19' වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටම අභියෝගයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ රජය පාසල් දරුවන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් අපහසුතාවට ලක්කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවත්, පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ස්ථාපනය කිරීමේදී දෙමව්පියන්ට අනවශ්‍ය බරක් පැටවීමට පියවර ගෙන ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ගෙන යන මත අතිශයින්ම සාවද්‍ය බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
(නවෝද්‍යා පවනි)