මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට දිනයේ මැතිවරණ කොමිසමසමග කොඩිඩ් වසංගත මැඩලීමේ ක්‍රියාකාරීන් අතර පැවැත්වේ. මෙම හමුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනෙකු ඇතුළු තවත් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා තිබේ. හෙට පස්වරුවේ මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇත. මෙම සාකච්ඡාවේදී බොහෝ දුරට මැයි මස අග සතියේ මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවසන් තීරණය ලබාගනු ඇති අතර ව්‍යවස්ථානුකූලව එය කළ යුතුම තත්ත්වයක් උදා වී ඇති නිසා එය පැවැත්වීම සඳහා දිනයක් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊළගට පියවර ගනු ඇතැයි වාර්තාවේ.
Subscribe to:
Post Comments (Atom)