ඇදිරි නීතිය අතරවාරයේ පොලිසිය සමග ඇතිවූ බහින්බස්වීමක් සම්බන්දයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඊයේ (13) පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහු අදදින අධිකරණයට ඉදිරිපත් කරනු ලදුව ලබන අප්‍රේල් 20 දක්වා සතියක කාලයකට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මේ දිනවල ජනතාවට සහල් බෙදාහැරීමේ සත්කාරයකට දායක වෙමින් සිටි රන්ජන් රාමනායකට එම කටයුත්ත වෙනුවෙන් ලබාගත් ඇදිරි නීති බලපතකට අදාළව ඔහුගේ සහායකයෙකු මන්ත්‍රී නිවස්නය වෙත පැමිණීමේදී පොලිසියට හසුවූ අවස්ථාවේ රන්ජන් පොලිසිය සමග වාදයක පැටළිණි. එම අවස්ථාවේ පොලිසායේ රාජකාරියට බාධා කළේය යන්න රන්ජන්ට එරෙහි චෝදනාවයි.