පසුගියදා ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ 03 වන කොරෝනා මරණය ලෙස මරදාන ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයක පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයකු මියගියේය. පසුව සිදු කළ පරීක්ෂණ වලදී එම පුද්ගලයාගේ බෑණාටත් එක් මුණුපුරෙකුටත් කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව සොයාගන්නා ලදි.
විදේශගතව වන්දනා ගමනකට සහභාගී වූ මෙම බෑණනුවන් එරටදී මෙම රෝගය බෝ කරගෙන මෙරටට පැමිණෙන්නට ඇතැයි සැක කෙරුණි.මේ අතරවාරයේ මියගිය පුද්ගලයාගේ බිරියද මෙම නිවසට ආගිය බවත් ඇය පදිංචිව සිටින්නේ හලාවත ප්‍රදේශයේ දරුවෙකුගේ නිවසක බවත් පැවසිණි.
පෙරේදා (04) හලාවත මහා රෝහලේදී සිදු කරන ලද පරීක්ෂණයකදී තවත් කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඒ ගැන වැඩිදුර විමර්ශනය වෛද්‍යවරුන් විසින් සිදු කළ අතර ඇය පසුගියදා කොරෝනා ආසාදනයෙන් මියගිය මරදානේ පුද්ගලයාගේ බිරිඳ බවට හඳුනාගෙන තිබෙයි.