8.25pm තවත් ආසාදිතයින් 3 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර කොරෝනා වෛරසය අසාදිත පුද්ගල සංඛ්‍යාව 113 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ පළමු මරණය වාර්තාවී තිබෙන පසුබිමකය. පළමු මරණය ගැන විස්තර මෙතැනින් 4.15pm තවත් ආසාදිතයෙකු හමුවීමෙන් පසු කොරෝනා වෛරසය අසාදිත පුද්ගල සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 3.15pm කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් තුන්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය අද දහවල් දන්වා තිබේ. ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 109 දෙනෙකු මෙරටින් වාර්තා වෙයි. 9 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව පිටව ගොස් ඇති අතර සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු දිවයිනේ රෝහල් 21ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.